සුපිරි වේගයෙන් Net යන්න Firefox වල වේගය වැඩිකරන රහස් අටක්



 
ඔයාල දැනටමත් ගිනි නරියා (Firefox) එක්ක වැඩ කරනවානම් ඔන්න ඇගට දැනෙන්න Internet Speed එක වැඩි කරන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. මේක පියවර අටකින් තමා හදන්න තියෙන්නේ. ඒ කියන්නේ ගිනි නරියාට පියවර අටක සත්කාරයක් තියෙනවා. ඒක කලාට පස්සේ මූ වෙනදාට වඩා හරිම ජවසම්පන්න ලෙස වැඩකරනවා. බොරුනම් ඔය නරියව බල්ලොම කන්න ඔනේ. 
මටනම් මේක කලාට පස්සේ ලොකු වෙනසක් තේරුනා. විශේෂයෙන්ම Page Load වීම එහෙම හරිම වේගවත් වුනා. බලන් ගියාම අපි Internet Connection එකට බැනලා තියෙන්නේ බොරුවටනේ.

පියවර 1: Firefox  වැඩසටහන Open කරලා ඒකේ New Tab එකක් Open කර ගන්න. දැන් Addressbar එකේ about:config කියල Type කරලා Enter කරන්න. එතකොට ඒවි ඔය මම පහල දාලා තියෙනවා වගේ අවවාදාත්මක වින්ඩෝ එකක්. බය වෙන්න එපා. මම කියන විඩියටම කරන්න. සාර්තක ප්‍රතිපල ලැබෙයි. ඉතින් එතන තියෙන “I’ll be careful, I promise!” කියන බොත්තම මත Click කරන්න. 



පියවර 2 : ලැබෙන නව වින්ඩෝවේ හොදට බලන්න ඔයාලගේ වම් අත පැත්තට වෙන්න ඉහලින් "Search" කියලා දිග Text Box එකක් තියෙයි Address bar එකටත් පහලින්. දැක්ක නේද.. අන්න එතැන මෙන්න මේ pipelining කියන වචනය Type කරන්න. ගොඩක් හොදයි ඒ වචනය විතරක් Copy කරල එතෙන්ට Past කලා නම්. දැන් Entar කරන්න. 


පියවර 3: ලැබෙන List එකේ තියෙන network.http.pipelining කියන එකට අදාල Value එක false කියල තියේවි. අන්න ඒක true කරන්න. ඒ සදහා අදාල වචනය මත දෙවරක් Click කලයුතු වේ. ඒ වගෙම network.http.proxy.pipelining යන්නත් true කරන්න. network.http.pipelining.max-optimistic-requests යන්න Duble Click කර දැනට පවතින අගය 8 කරන්න. ඔය ඉහත රූපයේ මම edit කරපු settings තද කලුපාටින් පෙන්නල තියෙන්නේ. අන්න ඒ විදියටම වෙනස් කර ගන්න ඕනේ.

පියවර 4: දැන් ඔය Page එකේම හිස් ඉඩකට ගිහිල්ලා Right Click කරලා New>Integer තෝරා ලැබෙන Text Box එකට nglayout.initialpaint.delay ලෙස ලබා දී OK කරන්න.
OK කල සැනින් තවත් Input box එකක් එයි. එකේ Value එක 0 ලෙස තියන්න.OK කරන්න. 
පියවර 5: පියවර 4 ආකාරයටම New>Integer තෝරා content.notify.interval ලෙස ලබා දී අගය 500000 ලෙස යොදා OK කරන්න. 

පියවර 6: පියවර 4 ආකාරයටම New>Integer තෝරා content.switch.threshold ලෙස ලබා දී අගය 250000 ලෙස යොදා OK කරන්න.

පියවර 7: හිස් ඉඩ මත Right Click කර New > Boolean ලෙස තෝරා පෙර අවස්තාවල වගේම නම සදහා content.notify.ontimer ලෙස දී අගය true ලෙස තබන්න. 

පියවර 8: ඉහට පියවර ලෙසට New>Boolean තෝරා නම ලෙස content.interrupt.parsing යන්න ලබා දී Value එක false ලෙස තබන්න.

දැන් ඉති Firefox එක පොඩ්ඩක් Restart පාරක් දාලා බලන්නකෝ. වෙනසක් තිබ්බොත් comment එකක් දාන්නත් අමතක කරන්න එපා හොදේ.

Software නැතුව YOUTUBE වීඩියෝ DOWNLOAD කරන රහස.

 

YouTube වීඩියෝ එක බලන ගමන් Address Bar එකේ www. වලට පසුව ss අකුරු දෙකක් එකතු කරන්න ඕනේ.
උදා: http://www.youtube.com/watch?v=gjxy51vSn0M
ඔය ඉහලින් තියෙන්නේ මම Youtube වල Vedio එක බලන විට Address Bar එකේ තියෙන Link එක.
…ඔයා මේකේ www. එකට පසුව ss දෙකක් එක්කරල Enter කරන්න

…http://www.ssyoutube.com/watch?v=gjxy51vSn0M

මොකක්ද මේ Rooting කියන්නේ ?

ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි අද මම අවදානයට යොමු කලේ. ඔයත් Android Device එකක් භාවිතා කරපු කෙනෙක් නම් බොහෝ විට මේ ප්‍රශ්නය ඔබට එන්න ඇති. ඒ තමා Root කිරීම. ඇත්තටම මොකක්ද මේ Root කරනව කියන්නේ,මේකෙන් අත්වෙන වාසි සහ අවාසි මොනාද කියල අද මේ ලිපියෙන් මම කියන්නයි යන්නේ.

මොකක්ද මේ ROOT කියන්නේ

ඇත්තටම මේ වචනය අපට මුලින්ම හමුවෙන්නේ UNIX සහ LINUX කියන මෙහෙයුම් පද්ධති තුලයි.මේ යටතේ ඊලගට එන වචනය තමා "Super User" කියන වචනය.
අපි මේ දෙකම පැත්තකට  දාල හැරෙමු  පොඩ්ඩක් Windows පැත්තට. ඔයාල අපි හැමෝම දන්න දෙයක් තමා පරිගනකයක Administrator Account එකකින් Log වෙච්ච කෙනෙක්ට පරිගනකය තුල ඕන දෙයක් කරන්න පුලුවන් බල තලයක් ලැබෙන බව. ඉතින් ඔයාට Software Install කරන්න, File Delete කරන්න , File Move කරන්න, දැනට පවතින Accounts Delete කරන්න, Users Add කරන්න වගේ ගොඩක් දේවල්. නමුත් ඒ පරිගනකයේම Guest Account එකක් යටතේ Log වෙච්ච කෙනෙක්ට මේ හැමදේම කරන්න බලතල පරිගනකය මගින් ලබා දෙන්නෑ. ගොඩක් Internet Cafe වල තියෙන්නේ Guest Accounts වලින් Log වෙන්න.
හොදා දැන් ඔයාල බලනවා ඇති ROOT කිරීමයි User Account අතරෙයි සම්බන්දය මොකක්ද කියල. ඔයා සමහර විට නොදන්නව වුනාට ඔයාගේ Android Phone එක , TAB එක ඔයා මිලදී ගන්න විටම ඔයාට Guest Account එකකට සමාන බලතල තමා ලබා දෙන්නේ. ඔයාව යම්කිසි රාමුවකට හිර කරනවා. දැන් ඔයාට ඕන ඕනා විදියට Phone එකේ System File අතර සැරිසරන්න, ඒවා Edit කරන්න, වගේ දේවල් ඔයාට manufacturer වලදිම තහනම් කරනවා. දැන් අපි බලමු ඇයි එහෙම කලේ කියලා.අපි දන්නවා Phone එකක Hardware පැත්ත වගේම Software පැත්තකුත් තිබෙන විත්තිය. ඉතින් මේ දෙකෙන් එකක් හරි අවුලක් ගියොත් Phone එක හරියට වැඩකරන්නේ නැති වෙන්න පුලුවන්. බලන්න කවුරු හරි කෙනෙක්ට වැරදිලා හරි System File එකක Boot වීමට අවශය File එකක් Delete වුනොත් එහෙමත් නැත්නම් System එකේ ක්‍රියා කාරිත්වයට අවශය කුමක් හෝ File එකක්  Delete  වුනොත් ඒ Device එක වැඩකරන්නේ නැතුව යනව නේද ? , එහෙමත් නැත්නම් Virus එකක් මගින් File වලට බලපෑමක් එල්ල කිරීමේ අවදානමකුත් එනවා. සමහර Program වලට පුලුවන් System File වෙනස් කරන්න. මේ කරුනු නිසා ඇත්ටටම Phone එක ඔයාලගේ භාසාවෙන් කිව්වොත් කැඩෙන්න පුලුවන්. එහෙම ගියොත් නිශ්පාදකයින්ට හැමදාම වෙන්නේ Warranty දිදී ඉන්න තමා.

ඉතින් Root කිරීමෙන් අපට Super User Activate කරගන්න පුලුවන් වෙනවා. දැන් ලොක්ක ඔයා. තවදුරටත් Phone එකට සීමාවල් පනවන්න අයිතියක් නැහැ. ඔයාට ඕනා තරම් නිදහස තියෙනවා ඕන දෙයක් කරන්න.
මේ ලිපියේදී කොහොමද Root කරන්නේ කියල නම් කියන්න යන්නේ නැහැ.


Root කිරීමෙන් අපට අත්වෙන වාසි.

සිංහල Font උපකරනයට දාගන්න පුලුවන් වීම.
…ලාංකිකයෙක් විදියට මට Root කිරීමෙන් අත් වෙච්ච පලමු වාසිය තමා Phone එකට Sinhala Unicode හදාගන්න පුලුවන් වෙච්ච එක. මීට කලින් Opera Mini වගේ විකල්ප භාවිතා කරත් ඒ ඔක්කෝටම වඩා Font එකක් Install කිරීමෙන් Unicode හදා ගැනීම අතිසාර්තකයි. 


Custom Software (ROM’s) භාවිතය
ඇන්ඩ්‍රොයිඩ් උපකරනයක Read Only Memory එක තුල තමා ROM එකක් තැම්පත් කරල තියෙන්නේ. ඇත්තටම මේ ROM එකත් Software එකක් තමයි. ඔයාගේ Device එකේ ඇතුලත පෙනුම, ක්‍රියාකරිත්වය සහ හැකියාවල් පදනම් වන්නේ මේ Rom එක මතයි. ඉතින් ඔයාගේ Phone එක Root කලා නම් දැන් ඔයාට ලස්සන Rom භාවිතා කරන්න පුලුවන්. එමගින් මෙතෙක් ඔයා දැකපු පෙනුම සහ හැකියාවල් දියුනු කරගන්න පුලුවන් වෙනවා. 

ඉතින් වැරදියට නම් වටහ ගන්න එපා ROM එකක් කියන්නේ Theme එකක් කියලා. Theme එකකට වඩා එහාට ගිය දෙයක් තමා ROM කියන්නේ. මෙතැනදී performance පවා වෙනස් වෙනවා. ඉතින් Custom Rom දාගන්න කැමති අය මේ Link එකට පිවිසෙන්න.

Kernel, speed, and battery

 සමහර Apps තියෙනවා Android Device සදහා, උපාංගයේ Speed එක වැඩි කරන්න, Batery Life එක වැඩි කරන්න, CPU Overclock කරන්න වගේ ගොඩක් Advance වැඩවලට. මේ Apps කියාත්මක වෙන්නේ Root කරපු උපකරන තුල පමනයි. ඉතින් ඔයා Root කරලනම් තියෙන්නේ ඔයාටත් පුලුවන් මේ පහසු කම අත් විදින්න.
Custom Themes
මේකත් Custom ROM භාවිතා කරනව වගේ තමයි. සමහර Themes වැඩ කරන්නේ නැහැ Root නොකරපු උපකරන තුල.


Baseband
මේක නම් මම අත්හදා බලල නම් නැහැ. මේ කියන්නේ නම්, Root කරපු Phone එකක Signal Quality එක වැඩි කරගන්න පුලුවන් සිද්දියක්. ඉතින් කරපු කෙනෙක් ඉන්නවනම් මටත් කියල දෙන්න. Signal කිව්වේ Call signal වලටම විතරක් නෙමේ. Radio පවා මේ යටතට අයත්. 

Latest Versions of Android
බොහෝ වෙලාවට Android Phone වල Update සීමාකරනවා. එතකොට පරන අයට අලුත් Update ගැනීමේදී ගැටලුවක්. එත් Root කරපු Device වලට මේක අදාල වන්නේ නැහැ. 
Backup කිරීමේ පහසුකම  
ඔයාගේ උපකරනය Root කරලනම් තියෙන්නේ දැන් ඔයාට පුලුවන් ඔයාගේ Phone එකේ හැම දෙයක්ම Backup කරගන්න. ඔයාල කියයි ඕක කොහොමත් තියෙනවනේ කියලා . නමුත් මම මේ කියන ක්‍රමයේදී ඉතා ගැබුරින් වුනත් Backup කරන්න පුලුවන්. ගොඩක් Android market එකේ තියෙන්නේ උඩින් අතගාල Backup කරන Application. පුලුවන් නම් මේ සදහා Titanium Backup යොදා ගන්න. මේ Link එක මගින් එය ලබා ගන්න පුලුවන්

Unlocking Additional Features
Root කරපු උපකරනයක දැනට පවතින පහසුකම් වලට අමතරව වෙනත් පහසුකම් එක් කිරීමට හැකියාව තියෙනවා. මම සරල උදාහරන දෙකක් කියන්නම්. ඒ තමා WiFi and USB tethering කියන ක්‍රම දෙක. මොකක්ද මේ tethering. ඔයාට පුලුවන් ඔයාගේ පරිගනකයේ පවතින Internet Connection එක USB එක මාර්ගයෙන් Phone එකට ගන්න. ඇත්තටම මෙය කරන්න පුලුවන් Root කල දුරකතනයකම පමනයි. WiFi tethering එකේදී කරන්නේ මෙහෙම දෙයක්. ඔයාට පුලුවන් ඔයාගේ Phone එකේ Internet ඒ Phone එකේම WiFi යොදාගෙන අනිත් අයට ලබා දෙන්න. මරු නේ.. 
 
Root කිරීමෙන් අත්වෙන අවාසි
Bricking'
මේක තමා අපිට අත්වෙන ලොකුම අවාසිය. ඒ තමා උපකරනයට ලැබෙන Warranty එක, Root කිරීම නිසා නැතිවෙනවා. ඉතින් මොනා හරි වෙලා Device එක කැඩුනොත් සොරි තමා.
…

උපාංගයේ ආයුකාලය අඩුවෙන්න පුලුවන්.
…Root කරපු හැම උපකරනයක්ම නෙමේ සමහර උපකරන Root කරල සම්මත තත්වයන්ගෙන් පිට ගිහින් Speed සහ Overclock කිරීම් හේතු කොටගෙන උපකරනයේ ආයුකාලය අඩුවෙන්න පුලුවන්. හැකිතාක් නිශ්පාදන ආයතන පනවල තියෙන සීමාවල් වලට එහා නොයන්න උත්සහ ගන්න.
නිශ්පාදන සමාහමට පුලුවන් ඕනෑනම් ඔයාගේ උපකරනය නිශ්පාදනයේදීම උපරිම වේගයකට ලක් කරල දෙන්න. නමුත් එය දිගුකල් පැවැත්මට නුසුදුසුයි. 

Security
Root කිරීමෙන් දුරකතනයේ හෝ උපකරනයේ ආරක්ශාව ගොඩක් අඩු වෙනවා. පුංචි Application එකකට උනත් පුලුවන් දැන් උපාංගයේ අන්තර්ගතයට පිවිසිලා සියල්ල විනාශ කරන්න. ඔයාගේ තොරතුරු පිට කරන්න.

Root කරන්නේ කොහොමද. 
ඇත්තටම කියන තරම් ලේසි නැහැ. හොද පලපුරුද්දක් නැතිකෙනෙක්ට මම තරයේ කියා සිටිනවා Root කිරීමෙන් වලකින ලෙස. Root කරනා ක්‍රමවේදය දුරකතන මාදිලිය අනුව වෙනස් වෙනවා. ඔයාට පුලුවන් XDA Developer Site එකෙන් ඔයාගේ දුරකතන මාදිලියට අදාලව Root කරන්නේ කොහොමද කියල දැන ගන්න. පිවිසෙන්න මේ Link එකට.තවදෙයක් කියන්න බැරි උනානේ. Root කරපු උපාංගයක් Unroot කරන්නත් පුලුවන්. 

UPS එකක බැටරිය මාරුකරමුද

 

UPS එකක් මතක් වෙන්නේ ඉතින් අපි Computer එකෙන් වැඩක් කර කර ඉන්න වෙලාවක Power Cut එකක් ගියාම.. ඒ නිසා බොහෝ දෙනෙක් UPS ගන්නව. නමුත් මේ මොන UPS එකත් පරිගනකයේ අනෙක් උපාංග හා සසදා බැලීමේදී ඉක්මනට සවුත්තු වෙලා යනව. ඒකට ප්‍රදානම හේතුව තමා මේවායේ ඇතුලේ තියෙන බැටරියක් තිබීම. බොහෝ විට මේ බැටරියක් වසර දෙකක් පමන තමා භාවිතා කරන්න පුලුවන් වෙන්නේ.. ඊට පස්සේ අර UPS එකට ඇත්තටම මොකද වෙන්නේ.. ගොඩ දෙනෙක් නම් ඕක විසි කරල අලුත් එකක් ගන්නව. මොකද ඔරලෝසුවකට බැටරි දානව වගේ පහසුවෙන් මේවායේ බැටරි මාරු කිරීමට නොහැකි වීමයි.. මේ වීඩියෝ එකෙන් UPS එකක බැටරිය මාරු කරන ආකාරය ඉතා සවිස්තරාත්මකව කියල දෙනව. මේ වීඩියෝ එක මම ලබා ගත්තේ Techකතා The Magazine වෙබ් අඩවියෙන්.. ඉතින් මේ වීඩියෝව නිර්මානය කල කාලිංග අය්යට ගොඩාක් ස්තූතිවන්ත වෙනව.

Area 51 වලින් පිට වූ බුදු දහමේ සැගවුනු රහස්

 
මෙතෙක් රාහසක්ව පැවති මෙ දෙවල් හෙලිකරනුයෙ බුදුද්ධ ධර්මය උන්නතිය සදහාය

Area 51 හි අබිරහස...

කළු කුහර හා ආකාශ වස්තූන් පිළිබඳව අති විශේෂඥ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස්මහතා පවසන අන්දමට මේ ග්‍රහ ලෝකයෙන් පිට, මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට, මේචක්‍රාවාටයෙන් පිට අපට වඩා නැණින්, බෙලෙන් දියුණු ජීවිහු සිටින බව සනාථ වීතිබේ. මේ නව සොයා ගැනීම් ඔස්සේ ලද, ඇමරිකා එක්සත් ජනපදය ලොවට හෙළි නොකරන, ඔබගේ කෙස් කෙළින් සිටුවිය හ
ැකි රහසක්ද ඇත.

ඇමරිකා එක්සත් ජනපදයෙහි, නෙවාඩා ප්‍රාන්තයෙහි,ලාස්
වේගාස් අග නගර බල ප්‍රදේශයෙහි, මොජාවේ නම් මරු කතරක ඇති අතිශය සංකීර්ණඑක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු සංකීර්ණයකි, "එඩ්වර්ඩ්ස් ගුවන් හමුදාකඳවුර"

මෙම ගුවන් හමුදා කඳවුරෙහි සේවක සංඛ්‍යාව මේ වනවිට 3,000-3,500 ත් අතර වෙතැයි ගණන් බලා තිබේ. මේ සේවකයන් සියළු දෙනා එක්සත්ජනපදයට ඉතා තදින් ආදරය කරන දේශ ප්‍රේමීන් අතුරින් තෝරා ගත්තවුන් වන අතරඔවුහු, ඔවුන්ගේ දරු පවුල් සමඟම මෙම කඳවුරෙහිම වෙසෙති. ඉන් පිටව යාම ඔවුන්බහුලව නොකරන අතර එම කඳවුරෙහි සේවයට බැඳෙන්නෝ සිය නෑ, හිත මිතුරන්ගෙන්දවෙන්ව තම පවුලටම පමණක් සීමා වූ ගුප්ත ජීවිත ගත කරති..

මෙම කඳවුරටඑහි පනස් පස් වසරක ඉතිහාසය පුරා පට බඳින ලද අනවර්ථ නාමයන් ගණන 27 ක් පමණවේ. එනමුත් වැදගත් වන්නේ ඉන් එකදු නාමයක් වත් නොවේ.ඊට ඔබ අප කවුරුත් හොඳින්දන්නා සුප්‍රකට අනවර්ථ නාමයක් ඇත. ඒ "51 වැනි කළාපය" නොහොත් "ඒරියා 51" යනනාමයයි. (Area 51)

ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝමාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්වරහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන "ෆැන්ටසියක්" වත්, ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක් වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධකේන්ද්‍රස්ථාන අතර ප්‍රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතියි. මෙයඇමරිකානු "අභ්‍යාවකාශ ආඥා දායකයේ" (United States Space Command)නියෝග මත "තහනම් ගුවන් කළාප අංක 4808"(Restricted Flight Zone R4808) ලෙස සිවිල් හෝ "සාමාන්‍ය" ත්‍රිවිධ හමුදා ගුවන් යානා වලට පිවිසුම ඇසිරූ කළාපයක් කොට ඇත.

මා මෙම කඳවුර ගැන සැකෙවින් ඔබට විස්තරයක් ගෙන ආවේ පෙර කී "කෙස් කෙළින්සිටුවන රහස" මෙම කඳවුර තුළම ලොවින් සඟවා ඇත්තක් බැවිනි. එහෙත් අනෙක් සෑමශිෂ්ඨාචාරය සොලවන රහසක් මෙන්ම මේ රහසද සියළු විදුලි ආරක්ෂක පද්ධතීන්, සියළු CCTV කැමරා, සියළු M-16 රයිෆල, සියළු පරිගණක නිරීක්ෂණ පද්ධතීන්, මැඩගෙන මහජන සවනට කාන්දු වී තිබේ..එවැනි රහස් සඟවා තැබීම කිසි විටකත් සිදු කළනොහෙන්නේ ඇයි දැයි ඔබට මෙය කියවන විට වැටෙහෙනු ඇත..

මෙකී රහස්කඳවුර තුළ පිටසක්වළ අතිශය බුද්ධිමත්, තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක්ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බවසැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්‍රාමිකදිවිය අතර තුර සමීපතමයන්ට හෙළි දරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලාගත්හ. මෙවැනි හමු වළදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබටවැදගත්ම රහස වන්නේ මෙයයි...

"පිට සක්වළ ජීවිහු අතර "දුර බැහැරග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහාපඬි රුවණක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින්බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු "තත්ථාගහ්" (Thaththaggah) සහ "නීදෝක්" (Needhok) යන නාමයන්ගෙන් අමතති..."

මේකියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය "විශ්ව බෞද්ධ" ප්‍රජාවක් ගැන නොවේද?......( ඒරියා 51 වෙතින් හෙළි වූආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි "ආගමික" රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු "පෘථිවි"ආගමික දර්ශණයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දුවූ පළමු අවස්ථාවයි )

බුදු පියාණන්ගේ විශ්වනීයත්වය.....

"තථාගත" යනු සිදත් සඟරා ඇජරනට අනුව "‍යථා ගත" හෙවත් "සත්‍ය ගාමී වූ" යන්නය.නො එසේ නම් " සත්‍ය මඟ පිළිපන්" යන්නය. බුදු පියාණෝ දෙවියන් උදෙසා, බඹුන්උදෙසා, අමනුෂ්‍යයෝ උදෙසා මෙන්ම සකළ විධ විශ්ව ජීවීහු උදෙසා කරන ලද සූත්‍රදේශානායෙහි බොහෝ කොට තමන් වහන්සේ හඳුන්වා ගත්තේ මේ "තථාගත" යන නාමයෙනි.උදා: අමනුෂ්‍ය බල පෑමෙන් වේශාලිය මුදවා ගනු වස් කළ රතන සූත්‍රයෙහි "තථාගතන්දේව මනුස්ස පූජිතං" යනුයෙන් සඳහනක් කළ සේක.

තවද මේ නමින් උන්වහන්සේ විශ්ව ප්‍රචලිත බවට කදිම නිදසුන් වන්නේ "ධජග්ග පරිත්තයෙහිද", "ආටානාටිය පරිත්තයෙහිද","මහා මංගල සූත්‍රයෙහිද", " අනාගත වංශ දේශනායෙහිද"බණවර කථායෙහි සක් දෙව් රජු, සහම්පතී මහ බඹු, වෙසමුණි යක් රජු, සතරවරම්දේවතාවෝ ඇතුළු බොහෝ භගවත් ඇසුර ලද නොමිනිස් ජීවිහු උන් වහන්සේ ඇමතීමටද "තථාගත නාමය" ම යොදා ගෙන තිබීමය.

එසේ නම් "තථාගත" නාමය මෙ සක්වාතළයෙන් බැහැර වෙසෙන ජීවින් සිය මහා ගුරුවරයා හඳුන්වනු ලබන "තථාග්ගහ"නාමයමය. අප "බුද්ධ" ලෙසින් අමතන විශ්ව ගුරුවරයාණන් ගේ පිට සක්වළ සිසූහුඋන්වහන්සේ හඳුනන්නේ මෙපරිද්දෙන් විය හැක.

දැන් "නිදෝක්" නාමය ගෙන බලමු.

බුදු පියාණන්ට ඇති සමානාර්ථ නාම 1018 අතුරින් තවත් අතිශය ජනප්‍රිය නාමයකි "නිදුක්ඛ" යන නාමය..අප බුදු රදුන්ට "නිදුකාණන් වහන්සේ" යැයි අමතන්නේදමෙහෙයිනි. පාලි බසට සහ සිදත් සඟරා විවරණයට අනුව "නි" නම් "වැරූ හෙවත්වැනසූ" යන්නය. "දුක්ඛ" යන්න එහි අර්ථයටම යෙදේ..එනයින් "නිදුකාණෝ" යනු දුකවිනාශ කර දමා ජය ගත් තැනැත්තාණන් වහන්සේය.

දැන් ආටානාටිය බණවරය ගෙන බලන්න..එහිදී වෛශ්‍රවණ දිව්‍ය රාජයා තිලෝගුරු පාද මූලයෙහි සිට උන්වහන්සේව මෙලෙස අමතයි..

"නිදුකාණන් වහන්ස, ඒ රජ හට ආකාශ තලයේ (Outer Space) ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපරිය, පරකුසිතනාට නම් පුරවරයෝ වෙති. නිදුකාණන් වහන්ස, කුවේරනම් රජහු ගේ විසාණා නම් රාජධානියක් ද ඇති"

(මොවුහුද පිට සක්වළ ජීවිහු වෙති - E.B.E- Extra Terrestial Biological Entities or "Aliens" in short form)

"නිදුකාණන් වහන්ස, රෞද්‍ර නපුරු ගති ඇති, එකට එක් කරන්නාවූ අමනුෂ්‍යයෝ ද ඇත්තාහුය"

"නිදුකාණන් වහන්ස, මේ ආටානාටිය ආරක්ෂාව වනාහි භික්ෂු, භික්ෂුණීන්ගේද, උපාසක, උපාසිකාවන්ගේද, ආරක්ෂාව පිණිසද, නොවෙහෙසීම පිණිසද, සුවසේ විසීමපිණිස ද පවත්නේය"

වෛශ්‍රවණ නම් බල සම්පන්න පිට සක්වළ ජීවි නායකයා තිලෝගුරු බුදු පියාණන් අමතා ඇත්තේද "නිදුකාණන් වහන්සේ" යන නාමයෙනි..

"බෞද්ධ ආකාශ වස්තු විද්‍යාවට" (Buddhist Cosmology) අනුව මේ "දිව්‍ය" ලෝකතලයන්ගේ ආයු කාලය මිනිස් ලොව ආයු කාලය මෙන් සිය දහස් ගුණයකි. "කාලය" (Concept of Time) ඇල්බට් අයින්ස්ටයින් මහ ඇදුරාට අනුව අප විසින් ගොඩ නඟාගත් හුදු මනං කල්පිතයක් පමණක් නොවේ. විශ්වයේ සෑම භෞතිකයක්ම වටා ක්‍රියාත්මක "ජීව ඔරලෝසුවක්" ඇත. (Cosmic Biological Clock)..එනයින් මිනිස් ලොව කාලයසහ විශ්ව කාලය එක කුඩා පොදු ගුණාකාරයකට ගෙන බලන කල වෛශ්‍රවණ දිව්‍ය රාජයාරජ කරන "චාතුර් මහා රාජික" දිව්‍ය ලෝකයෙහි ආයුෂ මනුෂ්‍ය ලෝක කාළයෙන් වර්ෂමිලියන 9.4 ක් වේ..(වසර අනූ හතර ලක්ෂයක් - 9.4 million years )..(මෙම ගණනයපුරාණ ඉන්දීය "සර්වාස්ථිවාද" සංකල්පයන්ට අනුව සිදු කොට ඇත.)

බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පා වදාළා අපේ මිනිස් කාලයෙන් තවම ගත වී ඇත්තේ වසර 2550ක පමණ කාළයක් පමණි.. එය විශ්ව ඔරලෝසුවට අනුව නම් ඉතාම සුළුකාළයකි..."චාතුර් මහා රාජික" ඔරලෝසුවට අනුව තප්පර ගණනකි!!...

මේඅනුව අපට නිගමනය කළ හැක්කේ එදා බුදු පියාණන් සෙවණේ ආටානාටිය විමසූ දිව්‍ය, යක්ෂ, කුම්භාණ්ඩ, රාජයන්ට තවමත් බණ අසා ගොස් වැඩි වේලාවක් ගත වී නොමැතිබවයි...!!!!

එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් "ඒලියන්"සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාටවල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය....

මහාචාර්ය ස්ටීවන්හෝව්කින්ස් පවසන අන්දමට පිට සක්වළ ඉතා බලසම්පන්න දියුණු ජීවීන් සිටින මුත්, ඔවුන් අප ගැන හොඳින් දන්නා මුත්, ඔවුන් අප ආක්‍රමණය නොකර සිටින්නේ ඇයිද? යන්න ඔහුට බලවත් ප්‍රහේළිකාවකි. ඔහුට එය ප්‍රහේළිකාවක් වුවත් එය මා හට ඔහුයම් දිනෙක පුද්ගලිකව හමු වෙතොත් (මා බඳු කුඩා මිනිසෙක එතුමා පුද්ගලිකවහමුවන්නට තරම් භාග්‍යවන්ත යැයි නොසිතමි. ) මට මෙසේ පහදා දිය හැක...

"අදටත් ඔවුහු මහ පොළවේ ඔවුන් හා සන්නිවේදනය කර හැකිවුන් සමඟ බුදු දහම ගැනයමක් පවසනවා නම් එය අරුමයක් විය නොහැක..මිනිස් ලොවෙන් පිටතත් දන්නා එකමමිනිස් දහම බුදු දහමයි..!!! ඒ පිළිබඳව කිසිදු සැකයක් තිබිය යුතු නැත..ඔවුහු පෘතුවි ජීවින්ට වඩා බෙහෙවින් බල සම්පන්න වුවත් ඔවුහු අප ආක්‍රමණයනොකරන්නේ "බුද්ධොත්පාද" ග්‍රහ ලෝකය ඔවුහු පූජනීය කොට සලකන නිසාම වියයුතුය...."

"මාගේ ධර්මය ඒ දිවයින් හි සුරැකෙන්නේය!" යන බුද්ධවිවරණය ලබා බුදු දහම රකින එක්තරා ජාතියකට එරෙහිව මුළු මහත් ලෝකයක්පැමිණියත්, මොන තරම් දියුණු ත්‍රස්ත ජාල, මොන තරම් ධනවත් රටවල් සමඟ ආවත් මේඅල්ලක් පමණ වූ කුඩා දූපතක සිටින එම ජාතිය සමූල ඝාතනය කිරීමට ඔවුහු අසමත්වන්නේත් උක්ථ බලවත් සක්වළ ජීවින්ගේ රැකවරණය නිසාම විය නොහැකිද??

එසේ නම් මේ ග්‍රහ ලෝකය රැකෙන්නේ අවිවාදයෙන්ම බෞද්ධයන් නිසාම විය යුතු නොවේද?...

ඒ රැකවරණය මේ ලොවට ගෙන දුන් මහා මිනිස් වීරයන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මිස අන් කවරෙක්ද?
"බුද්ධ" ජීවි විශේෂය.....

"ස්වාමීනි, ඔබ වහන්සේ දෙවියෙක්ද?" .....

"නැත බමුණ මා දෙවියෙකුදු නොවෙමි"...

"ස්වාමීනි ඔබ වහන්සේ මනුෂ්‍යයෙකුද, දෙවියෙකුදු, යක්ෂයෙකුදු නොවෙත් නම් ඔබ වහන්සේ කවරෙක්ද?...."

"කළලේ උපන සියපත ඉන් නික්ම, එහි නොගෑවී පිපී ලෙලෙන්නේ යම් සේද,මමදමිනිසුන් අතර ඉපිද, මිනිසුන් අතර හැදී වැඩී චතුරාර්ය සත්‍යාවබෝධයෙන්කෙළෙසුන් නසා නිර්වාණය ලදිමි. එසේ හෙයින් බමුණ, මා "බුද්ධ" යැයි දනුව"

මේ වූ කලී බුදු පියාණන් වහන්සේ සහ "ද්‍රෝණ" නම් බමුණු තෙම අතර ඇතිවූසංවාදයකි..තිලෝගුරුන් තමන් වහන්සේව මෙහිදී හඳුන්වා දුන් ආකාරය ගැන මඳක්අවධානය යොමු කරන්න...

චාර්ල්ස් ඩාර්වින් හා ඔහුගේ "සත්ව පරිණාමවාදය" (Theory of Evolution) ගැන ඔබ අසා ඇති. ඉක්වදෝරය අසල "ගැලෆගෝස්"දූපත් ආශ්‍රිතව සිදු කල පරීක්ෂණ තුළින් ලොවට, මැවුම් වාදය ප්‍රතික්ෂේප කරනජීව විද්‍යා නයක් ඔහු හඳුන්වා දුන් නිසා අප ඔහු "පරිණාම වාදයේ පියා" ලෙසපොත් පතින් හඳුනා ගතිමු.

ඩාර්වින් සැබවින්ම පරිණාම වාදයේ පියාද? නැතහොත් ඔහු පරිණාම වාදයෙන් "අර්ධයක්" පමණක් වටහා ගත්තෙකුද?....ඉතිරි අර්ධයකුමක්ද?...."සම්පූර්ණ" පරිණාම වාදය දෙසුවේ කවුරුන්ද?....

දැන්නැවතත් ද්‍රෝණ බමුණාට බුදු රදුන් තමන් වහන්සේ හඳුන්වා දුන් ආකාරය සිහිපත්කර ගන්න..."කළලේ පිපී ඉන් නික්ම කළලේ නොගෑවී...මිනිසුන් අතර ඉපිද, හැදීවැඩී.....එසේ හෙයින් මා "බුද්ධ" යැයි දනුව...මා මනුෂ්‍යයෙකුද නොවෙමි..
එසේ නම් සම්බුදුන් දෙසූ පරිණාමය කොටස් දෙකකි..."මනෝ පරිණාමය" (Psychological Evolution) හා " කාය පරිණාමය" (Physical Evolution)...!!....ඩාර්වින්අල්ලා ගත්තේ මෙයින් එක කොටසක් පමණි...එනම් කායික පරිණාමය පමණි...එහි අනිත්කොටස ඔහු දැක නැත...එසේ නම් "අංග සම්පූර්ණ පරිණාම වාදය දෙසා ඇත්තේ ඩාර්වින්නොව තිලෝගුරු බුදු රජාණෝමය...." !!!!!....එමතු නොව ඩාර්වින් වටහා ගත්තේපෘතිවි පරිණාමයේ එක් කොටසක් පමණි..."සම්බුද්ධ පරිණාම වාදය" මුළු මහත්විශ්වයේම ජීවි පරිණාමය විස්තර කරයි...!!!! (Universal Biological Evolution)..!!

මනස පෙර ගමන් යයි..."මනෝ පුබ්බං ගමා ධම්මා"....මනසඅනුව කය සැකසෙයි...ඔබ මනසින් තිරිසනෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේකඳ ඒ අනුව සැකසේ...ඔබ මනසින් දෙවියෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේකය "දේව" කයකට "පරිණාමය" වේ...ඔබේ මනස මුලින් පරිණාමය වන ස්වරූපයටක්‍රමයෙන් ඔබේ කායික පරිණාමය සිදුවේ...මේ "සම්මා සම්බුද්ධ පරිණාමවාදයයි"...මුළු මහත් සංසාරයේම අප යන්නේ මේ පරිණාමය ඔස්සේය..පුනර්භවයසැකසෙන්නේද මේ අනුවය..මනස මුලින් පරිණාමය වන තැනට කය පරිණාමය වේ..මේ සංසාරගමනයි....
එසේ නම් " සාර සංඛෙ‍ය කල්පලක්ෂයක්" ඔස්සේ පාරමිතා දහය පිරීම යනු, "ක්‍රමානුකූල මානසිකපරිණාමයකි"...සම්මා සම්බුද්ධත්වය ලැබීම යනු "මිනිස්" හෙවත් "හෝමෝ සේපියන්"නයින් අප දන්නා ජීවි විශේෂයේ ඉපිද හැදී වැඩී, අතීත මානසික පරිණාමයේ (පෙරුම්දම් පිරීමේ) ශක්තිය කැටි කොට මිනිස් ජීවී විශේෂයේ සිට "විශ්වයේ එක්වරකට, එක කල්පයකට එක් අයෙකු පමණක් පහළ වන්නාවූ" අති ශ්‍රේෂ්ඨ සුපිරි ජීවි විශේෂය"වන "සම්මා සම්බුද්ධ" ජීවි තලයට කරන "මහා මානසික පරිණාමික පිම්මයි" (කළලේඉපිද කළලේ හැදී වැඩී ඉන් නික්ම..... )

ඇසට නොපෙනෙන තරම් ක්ෂුද්‍රබැක්ටීරියා, ඇමීබා ජීවි විශේෂ වල ජීවින් ගණන ක්වෝඩ්‍රිලියන ගණනකි... කුඩානොදියුණු කෘමි සත්ව ජීවි විශේෂයන්ගේ පහළ වන ජීවින් ගණන ට්‍රිලියනගණනකි...ඊට වඩා සංකීර්ණ සත්ව විශේෂ වල බිලියන ගණනක් පහළ වෙති...මිනිස් ජීවීවිශේෂයේ සත්ව සංඛ්‍යාව බිලියන 7 කි...ඊටත් වඩා දියුණු "දේව" ජීවි විශේෂයේගණන මිලියන ගණනක් විය හැක...ඊටත් ඉහළට යන්නට, යන්නට ඒ ඒ විශේෂයේ ජීවින් ගණනතව තව අඩු විය හැක...අනාගාමී වූවන් උපදින "ආකණිෂ්ඨ තලයේ" ශුද්ධ වාසබ්‍රහ්ම ලෝක වල එක වරකට ඇත්තේ ඉතාම සුළු අතළොස්සකි... (සංඛ්‍යාත්මක විස්තරසඳහා මෙතන click කරන්න)

එනමුත් මානසික පරිණාමයෙන් පමණක් යා හැකි "සම්මා සම්බුද්ධ නම් අති සුපිරි, සියල්ල අවබෝධ කරගත් මහා ශ්‍රේෂ්ඨ ජීවිතළයේ" මුළු කල්පයකටම විශ්වයේ එකවරට පහළ වන්නේ එක් අයෙකුම පමණකි..ඒතැනැත්තාණන් වහන්සේට සියළු විශ්ව ජීවීහු "බුදු රජාණන් වහන්සේ" ලෙසඅමතති....

(අන්තර් ජාලය පිරික්සීමේදී හමු වූ දුර්ලබ ලිපියක් බැවින් උපුටා ගන්නා ලදී. https://www.facebook.com/jalthara)