අද මේ ලිපියෙන් මම ඔයාලට අරන් එන්නේ පරිගනකයක් භාවිතා කරන ඔයාලග අනිවාර්යෙන් තිබිය යුතුම Software 10ක් ගැනයි. මේ ටික තියෙනවනම් ඔයාට පරිගනකයෙන් මූලික වැඩ ටික කරගන්න පුලුවන්. ඉතින් බලන්න ඔයා ලග මේ මම කියා දේවල් වලින් මොනාද ඇත්තේ මොනාද නැත්තේ කියල.
01.ප්‍රතිවයිරස වැඩසටහනක්
මගේ පලමු නිර්දේශය තමා හොද ප්‍රතිවයිරස වැසඩටහනක් සෑම පරිගනකයකම තිබිය යුතු බවයි. පරිගනකයට Windows දාපු ගමන් පලවෙනියටම මතක ඇතුව කරන්න ඕන වැඩේ තමයි Virus Guard එකක් දාන එක. V Guard වර්ග ගොඩක් තියෙනව. ඉතින් ඒ හැම එකකම හොද වගේම නරකත් තියෙනව. මූලිකවම මම avast! / Kaspersky / Avaira වගේ ඒව නිර්දේශ කරනව. Bitdifender වගේ ඒව Rank වලින් උඩින් තිබ්බට දැම්මම Slow වෙනවනම් වැඩක් නෑ. ඒව අපි වගේ කස්ටියට ගැලපෙන්නේ නෑ.
02. WINRAR
WinRar කියල සද්ද දාල කිව්වට මොකක් හරි ZIP/RAR Files Extract කරන්න පුලුවන් වැඩසටහනක් දාගන්න. මොකද අන්තර්ජාලය භාවිතා කරන කොට විශේශයෙන්ම Download කරාම File ZIP හෝ RAR Format වලින් ලැබෙන්නේ. ඉතින් මම නිර්දේශ කරනව WinRAR / 7zip වගේ එකක්. මේ දෙකම දා ගන්නත් එපා. දෙකෙන්ම වෙන්නේ එකම වැඩේ. ගොඩක් Advance යන්න කැමති අය WinRAR දාගත්තට කමක් නෑ.
03.Google Chrome
මේක ගැන නම් දන්නේ නැති අය නෑනේ. අන්තර්ජාලයේ සැරිසරන්න windows ල දෙන Internet Explorer එක මෙලෝ රහක් නෑ. ඉතින් මේ වගේ Browser එකක් දාගන්න වෙනව. ඊට අමතරව Flashplayer එකත් දා ගන්න. ඒක ඉතින් මම වෙනම Software එකක් විදියට කියන්නේ නෑ. මම ඔයාලට කිසිම වෙලාවක කියන්නේ නෑ Google Chrome ම භාවිතා කරන්න කියල ආදේශක නම් ඔන තරන් තියෙනව. ඕන එකක් දාගන්න. මගේ නිර්දේශය නම් Google Chrome
04. Classic Player එක
මේකට අපි Codec Player කියලත් කියනව. මේක ඉතින් එච්චර look එකක් නෑ. නමුත් වැඩ සුපිරි. බොහෝ Format මේ player එකෙන් Suport කරනව. අනික මේක දාපුවහම Windows Midea Player එකෙත් කලින් වැඩ නොකල Format වැඩ කරනව. උසස් රසාස්වින්දනයක් ගන්න නම් මේක හරි නෑ. මට මෙතනදි ඔයාලට ඕනෑම Video ,Audio Format එකක් වැඩ කරන Player එකක් හදුන්වල දෙන්න ඕන උනේ.
05.Format Factory
ඕනෑම file එකක (Audio/Video/Image) Format එක වෙනස් කරන්න නම් සුපිරිම භාන්ඩේ මේක තමා ඉතින්. ඊට අමතරව මේකෙන් DVD එකක් Video File එකක් කරන්න, Video file එකකට Subtitle Embed කරන්න පුලුවන්.(සිංහල බෑ). ගොඩක් Format Suport කරනව. ඉතින් දාගෙන බලන්න. අනිවාර්යෙන්ම තියෙන්න ඕන එකක්.
06.Ashampoo Burning Tool
හදිස්සියට CD එකක් DVD එකක් Write කර ගන්න තියෙන හොදම Tool එකක්. මට ඕනේ නම් පුලුවන් Nero උනත් නිර්දේශ කරන්න. නමුත් Nero බර වැඩියි. දාගෙනම බලන්නකෝ.
07.C Clenar
පරිගනකය භාවිතා කරන කොට ටික ටික Slow වෙන එක හරිම සාමාන්‍ය දෙයක්. C Clener වගේ Utility Tool එකකින් පුලුවන් ඒ අඩුපාඩුව මගහරින්න. මීට සමගාමී වැඩසටහන් ගොඩක් තියෙනව. කැමති එකක් දාගන්න.
08.IDM (Internet Downloader Manager)
මේක ඉතින් හැමෝම දන්නවනේ. අන්තර්ජාලයෙන් මොකක් හරි Download කරන දෙයක් කලමනාකරනය කරල වැඩි වේගයකින් Download කරන්න පුලුවන් හොදම වැඩසටහම තමා මේක.
09.μTorrent® (uTorrent)
Torrent ගැන දන්න කට්ටිය දන්නව Torrent වල තියෙන වැදගත් කම.ඕනෑම දෙයක් Torrent තුල Search කරල ලබාගැනීමේ සම්භාවිතාවය ඉහලයි. ඒක සිංදුවක් වෙන්න පුලුවන්,Move එකක් වෙන්න පුලුවන්, Software එකක් වෙන්න පුලුවන්. ඉතින් Torrent ගැන මට කියල දෙන්න මෙතනදි හැකියාවක් නෑ. Torrent Download කිරීමේදී Torrent Client වැඩසටහනට ප්‍රමුක ස්තානයක් ලැබෙනව. Utorrent කියන්නේ අන්න ඒ වගේ එකක්. මීට අමතරව Bit Torrent උනත් අව්ලක් නෑ. වැඩේ වෙනවනේ.
10. Office
වැඩක් කරන කෙනෙක්ට Office අහක දාන්න පුලුවන් වැඩසටහනක් නම් නෙමේ. ඉතින් මේක ගැන හැමෝම දන්නව. මම හිතනව Office පරිගනකය තුල තිබුනොත් හොදයි කියල.
ඉතින් මම මේ ලිපිය ලිව්වේ හැමෝටම පොදුවේ. මේ ලිපිය කෙල්ලො කොල්ලො ඕනම කෙනෙක්ට එක සේ වැදගත්. කෙනෙක්ට මීට වඩා වෙනස් අදහස් තියෙන්නත් පුලුවන්. කොහොම නමුත් මූලිකවම පරිගනකයක් තුල මේ ටිකවත් නැත්නම් එයාට අනිවාර්යෙන් කෙදිනක හෝ මේවායෙන් එකක් හෝ දාගන්න සිද්ද වෙන එක වෙනව.
ඕයාලගේ අදහස් ගොඩක් වටිනව. මොකද හිතන්නේ මේ ලිපිය ගැන. ලියන්න ඔයාලට හිතෙන දේ. (උපුටා ගැනීමකි)


