- HTML element එකක් ආරම්භ වන්නේ starting tag (opening tag) එකකින්ය.
- එසේම HTML element එකක් අවසන් වන්නේ closing tag (end tag) එකකින්ය.
- HTML element එකට අදාල අන්තර්ගතය එම tag දෙක අතර ලියවෙයි.
උදා:- <p> this is a paragraph </p>
- එහෙත් සමහර HTML elements වලට මෙසේ අන්තර්ගතයක් යොදන්නේ නැත (උදා :- <br/> tag එක )
- එවැනි tags starting tag එක තුලදීම close කරනු ලබයි.
- බොහෝ HTML elements වලට attributes පවතී. (attributes ගැන තව ඉදිරියේදී කියන්නම්)
- එසේම බොහෝ HTML elements nested කරන්න පුළුවන්. ඒ කියන්නේ එක HTML element එකක අන්තර්ගතයට තවත් HTML elements ඇතුලත් වෙන්න පුළුවන් කියන එක.", HTML පිටු නිරමානය කරන්න මෙය ඉතා වැදගත් වෙනව.
උදා:- <head> <title> My First Web Page </title> </head>
හොඳයි දැන් අපි බලමු අපි දැනටමත් භාවිතා කරල තියෙන elements කිහිපයක් ගැන,
<p> element
මෙය මගින් HTML පිටු තුල paragraphs නිර්මාණය කරනු ලබයි. මෙය <p> හා </p> යනුවෙන් ආරම්භක හා අවසානක tags යුගලයකින් සමන්විත වේ.
උදා:- <p> this is a paragraph </p> <body> element
මම element එකෙන් සිදු කරනුයේ HTML පිටුවක body කොටස අර්ථදැක්වීමයි. අපි මේ ගැන මීට කලින් පාඩමකදීදකතා කලා. මෙයද <body> හා </body> යනුවෙන් ආරම්භක හා අවසානක tags යුගලයකින් සමන්විත වේ.
උදා:-
මෙහිදී මම ඉහතින් සඳහන් කළ <p> element එක <body> element එකේ අන්තර්ගතයට ඇතුලත් වී ඇත.
<html> element
HTML වලින් වෙබ් පිටු නිර්මාණයේදී අපිට අවශ්‍ය ප්‍රධානම element එකක්, මෙයින් සිදු වනුයේ අප ලියන්නා වු document එක HTML document එකක් බව හැගවීමයි. මෙයද <html> හා </html> යනුවෙන් ආරම්භක හා අවසානක tags යුගලයකින් සමන්විත වේ.
<br/> element
මෙය අපි මීට කලින් කතා කරපු HTML elements වලට වෙනස් වූ එකක්. ඒ මෙයට අන්තර්ගතයක් නැති වීම නිසා closing tag එකක් නොමැති වීමයි. මෙයින් line break එකක් අරුත් ගන්වයි.
මම පහතින් දෙන උදාරණය code කරල බලන්නකෝ අද අපි කතා කරපු දේවල් ගැන ප්‍රශ්ණ තියෙනවද කියල.
