HTML මුල ඉදන් ඉගෙන ගමු (part01)

 

අපි අද කතා කරන්න යන්නේ HTML language එක ගැන.ඔය ගොල්ලො දන්නවද HTML කියන අකුරු හතරෙ තෙරුම? සමහර අය නම් දන්නව ඇති.නොදන්න අයට දැන ගන්න මම කියන්නම්කො.Hyper Text Markup Language කියන එක තමා කෙටි කරල අපි HTML කියල කියන්නෙ.මේක පරිගණක භාෂාවක්.අපි දැන් ඉගෙන ගන්න යන්නෙ කොහොමද HTML යොදාගෙන Web Pages නැත්තම් වෙබ් පිටු නිර්මාණය කරන්නෙ කියලා..HTML Language එක ගැන කතා කරද්දි අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන Software එකක් තමයි NotePad කියන්නේ.වින්ඩෝස් මේහෙයුම් පද්දතියත් එක්ක මේ Software එක කොහොමත් අපට ලැබිල තියෙනවා.Start Menu එකේ accessories වල NotePad කියල තියෙනව ඔයලට දකින්න පුලුවන්.මුලින්ම එක click කරල NotePad එක Open කර ගන්නකෝ..

මේකට තමා Notpad කියන්නේ යාලුවනේ,




ඔයාලට යම් අදහසක් ගන්න පුලුවන් විදිහෙ HTML Code එකක් මම පහළින් දීල තියෙනව.දැන් එක NotePad එකේ ඒ විදිහටම type කර ගන්නකෝ.type කරන්න කම්මැලි වගේනම් copy කරල NotePad එකට paste කර ගන්නකො.මෙහෙමයි ඉතින්..දැනට එහෙම copy,paste කර ගත්තට කමක් නෑ.පස්සෙ එහෙම කරන්න එපා හොඳද ආ..

                                          <html>
                                          <head>
                                          <title>My First Web Page</title>
                                          </head>
                                          <body>
                                           Welcom to HTML language
                                          </body>
                                          </html>

දැන් type කරගෙන ඉවරයිනෙ නේද?ඊ ගාවට බලන්න ඔනෙ මෙක save  කර ගන්නේ කොහොමද කියල තමා..Notepad එකෙ file ගිහින් save දෙන්න..ඊ ළගට එන window එකෙ save as type කියන එක all files විදිහට වෙනස් කර ගන්න.එකට ඔයා කැමති නමක් ගහල නමේ අගට .HTML කියල එකතු කරන්න ඔනේ.එකනම් අමතක කරන්න එපා.save වෙන්න ඔනෙ තැනත් select කරල තැන මතක තිය ගන්න හොඳද.දැන් ඉතින් අපි සරල web page එකක් හදාගෙන ඉවරයි.මේ හදාගත්ත web page එක සරලම සරල page එකක් යාලුවනේ.මම ඔයාලට පොඩි අදහසක් ගන්නයි මේක මුලින්ම දුන්නෙ.දැන් ඉතින් ඔයා save කරපු තැනට ගිහින් එක open කරල බලන්නකෝ..ඔයා type කරපුව කොයි කොයි තැන් වලද තියෙන්නෙ කියලත් බලන්න.මේ ඉතින් HTML වල අරම්භය.මම ඊ ළග post එකෙන් HTML වල තවත් කොටසක් ඔයාලට කියල දෙන්නම්කො.

එහෙනම් අපි ගියා යාලුවනේ..ඊ ගාව post එක ඉක්මනට දානවා..සුභ දවසක් හැමෝටම!!!!