HTML සිංහලෙන් පාඩම 7 - Attributes

 
අපි පසුගිය පාඩමෙන් HTML Elements ගැන දුනුවත් උනානේ අද අපි මේ elements වල ගුණ එහෙමත් නැත්තම් ඒවායේ ගත් ලක්ෂණ, බාහිර පෙනුම එක්ක බැදී ඇති Attributes ගැන කතා කරමු. 

                          මම කලිනුත් කිව්වා වගේ මේ HTML elements වලට තමයි attributes තියෙන්නේ. මේවා මගින් අපේ HTML element එක තව දුරටත් විස්තර කරනු ලබනවා.

           තව දෙයක් තමයි අපි මේ attributes සඳහන් කරන්නේ starting tag එක තුලයි, ඒ වගේම අපි attributes සඳහන් කරන්නේ තුල name/value ජෝඩුවක් ලෙසින්ය. හරියට මෙන්න මේ වගේ name = "value". වැදගත්ම දේ තමයි attribute එකකට ලබා දිය යුතු value එක සෑම විටම පෙරලි කොමා තුල ලබා දිය යුතු වීමයි. තවද එක element එකකට attributes කිහිපයක් වුවුද තිබිය හැකියි. මෙන්න මේ විදහට තමයි attributes code කරන්නේ...

<starting tag name = "value" name = "value" name = "value">


මෙන්න මෙතනින් ඔයාලයට attributes ගැන වැඩි දුරටත් දැනගන්න පුළුවන්.